සෛල බිත්තිය
සෛල බිත්ති, කොටස් දෙකකට බෙදනු ලැබේ.- ප්‍රාථමික සෛල බිත්තිය
- ද්විතියික සෛල බිත්තිය
ප්‍රාථමික සෛල බිත්තිය
ප්‍රධාන ලෙස සෙලියුලෝස් වලින්ද, අමතරව හෙමිසෙලියුලෝස්, පෙක්ටීන් වලින් ගොඩනැගී ඇත. සෑම සජීවී ශාක සෛලයකම ප්‍රාථමික සෛල බිත්තියක් සහිතය. ප්‍රත්‍යස්ථ වන අතර තුනී ස්ථරයකි.
2. ද්විතියික සෛල බිත්තිය
ද්විතියික සෛල බිත්තිය පිහිටන්නේ ප්‍රාථමික සෛල බිත්තියට ඇතුලතිනි. මෙය ඉතාමත් ඝණ, දෘඩ බිත්තියකි. මෙහි සෙලියුලෝස් වලට අමතරව ලිග්නීන්, සුබෙරීන් වැනි සංඝටකද අඩංගු වේ.
- ඕනෑම ශාක සෛල බිත්ත්යක ප්‍රධානව හා බහුලවම අඩංගු වන සංඝටකය සෙලියුලෝස් වේ.
2. ප්ලාස්ම බන්ධ
ප්ලාස්ම බන්ධ යනු ශාක පටක වල යාබද සෛල වල සෛල ප්ලාස්ම එකිනෙක සම්බන්ධ කරන්නා වූ ප්‍රාක් ප්ලාස්මීය පට වේ. මේවා සෛල බිත්තියේ කූ හරහා ඇති වී ඇත.- වැදගත්කම වන්නේ, යාබද සෛල අතර ද්‍රව්‍ය හුවමාරු කිරීමයි.
කූ සිදුරු
කූ යනු ශාක සෛල බිත්ති වල ප්‍රාථමික බිත්තිය තැන්පත් නොවීමෙන් හෝ ඉතා තුනීවට තැන්පත් වීමෙන් සෑදෙන්නා වූ සිදුරු වේ. මේ නිසා සෛල බිත්තියෙහි තැනින් තැන සිදුරු ඇති වී ඇත. කූ ආකාර දෙකකි. ඒවා නම්,
a. සරල කූb. ගැටි කූසරල කූ ප්‍රාථමික බිත්තියක් හා ද්විතියික බිත්තියක් සහිත සෛල වල පිහිටයි. ගැටි කූ සැම විට ද්විතියික බිත්තියක් ඇති සෛල වල පමණක් පිහිටා ඇත. ද්විතියික බිත්තිය ගැට්ටක් ලෙස සෛල ප්ලාස්මය තුල නෙරා ඒමෙන් ගැටි කූ ඇති වී ඇත. යාබද සෛල වල පොදු බිත්තියේ සමාන ස්ථාන වලින් කූ හටගනී. මේවා කූ යුගලයක් හෙවත් කූ ක්ෂේත්රයක් ලෙස හඳුන්වයි.- කූ වල වැදගත්කම වන්නේ, යාබද සෛල අතර ප්ලාස්ම බන්ධ ඇති කරමින් සෛල ප්ලාස්ම එකිනෙකට සම්බන්ධ කිරීමයි.
සෛල බිත්තියේ කෘත්‍ය
සෛලයට හැඩයක් ලබාදීම.
අභ්‍යන්තර කොටස් ආරක්ෂා කිරීම.
යාන්ත්‍රික සන්ධාරණයක් ලබාදීම.
උසස් පෙළ ජීව විද්‍යාව හදාරණ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මෙම Blog පිටුව සම්පාදනය කරන අතර, මෙය ඔබට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි විශ්වාස කරමි.
ආයුබෝවන්!!!
ආයුබෝවන්!!! අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු.
Saturday, February 1, 2014
ශාක සෛලය
Subscribe to:
Post Comments (Atom)
super
ReplyDelete