ආයුබෝවන්!!!

ආයුබෝවන්!!! අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු.

Saturday, February 1, 2014

ශාක සෛලය

  1. සෛල බිත්තිය 

    සෛල බිත්ති, කොටස් දෙකකට බෙදනු ලැබේ.
    1. ප්‍රාථමික සෛල බිත්තිය
    2. ද්විතියික සෛල බිත්තිය
    1. ප්‍රාථමික සෛල බිත්තිය

    ප්‍රධාන ලෙස සෙලියුලෝස් වලින්ද, අමතරව හෙමිසෙලියුලෝස්, පෙක්ටීන් වලින් ගොඩනැගී ඇත. සෑම සජීවී ශාක සෛලයකම ප්‍රාථමික සෛල බිත්තියක් සහිතය. ප්‍රත්‍යස්ථ වන අතර තුනී ස්ථරයකි.

        2.  ද්විතියික සෛල බිත්තිය

    ද්විතියික සෛල බිත්තිය පිහිටන්නේ ප්‍රාථමික සෛල බිත්තියට ඇතුලතිනි. මෙය ඉතාමත් ඝණ, දෘඩ බිත්තියකි. මෙහි සෙලියුලෝස් වලට අමතරව ලිග්නීන්, සුබෙරීන් වැනි සංඝටකද අඩංගු වේ.
    • ඕනෑම ශාක සෛල බිත්ත්යක ප්‍රධානව හා බහුලවම අඩංගු වන සංඝටකය සෙලියුලෝස් වේ.  



    2.  ප්ලාස්ම බන්ධ

    ප්ලාස්ම බන්ධ යනු ශාක පටක වල යාබද සෛල වල සෛල ප්ලාස්ම එකිනෙක සම්බන්ධ කරන්නා වූ ප්‍රාක් ප්ලාස්මීය පට වේ. මේවා සෛල බිත්තියේ කූ හරහා ඇති වී ඇත.
    • වැදගත්කම වන්නේ, යාබද සෛල අතර ද්‍රව්‍ය හුවමාරු කිරීමයි.

    කූ සිදුරු

    කූ යනු ශාක සෛල බිත්ති වල ප්‍රාථමික බිත්තිය තැන්පත් නොවීමෙන් හෝ ඉතා තුනීවට තැන්පත් වීමෙන් සෑදෙන්නා වූ සිදුරු වේ. මේ නිසා සෛල බිත්තියෙහි තැනින් තැන සිදුරු ඇති වී ඇත. කූ ආකාර දෙකකි. ඒවා නම්,

    a.  සරල කූ
    b.  ගැටි කූ

    සරල කූ ප්‍රාථමික බිත්තියක් හා ද්විතියික බිත්තියක් සහිත සෛල වල පිහිටයි. ගැටි කූ සැම විට ද්විතියික බිත්තියක් ඇති සෛල වල පමණක් පිහිටා ඇත. ද්විතියික බිත්තිය ගැට්ටක් ලෙස සෛල ප්ලාස්මය තුල නෙරා ඒමෙන් ගැටි කූ ඇති වී ඇත. යාබද සෛල වල පොදු බිත්තියේ සමාන ස්ථාන වලින් කූ හටගනී. මේවා කූ යුගලයක් හෙවත් කූ ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වයි.

    • කූ වල වැදගත්කම වන්නේ, යාබද සෛල අතර ප්ලාස්ම බන්ධ ඇති කරමින් සෛල ප්ලාස්ම එකිනෙකට සම්බන්ධ කිරීමයි. 
    •  
       
       
       
       

    Friday, January 31, 2014

    ජීව විද්‍යාව හැඳින්වීම...

    ජීව විද්‍යාව යනු,
    ජීවය පිළිබඳව සිදුකරන විද්‍යාත්මක අධ්‍යනයක් ලෙසට හැඳින්විය හැක. ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව ජීව විද්‍යාව මගින් අධ්‍යයනය කරනු ලැබේ. එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ. නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් සෛලවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි.