ආයුබෝවන්!!!

ආයුබෝවන්!!! අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු.

Showing posts with label ජීව විද්‍යාව. Show all posts
Showing posts with label ජීව විද්‍යාව. Show all posts

Friday, January 31, 2014

ජීව විද්‍යාව හැඳින්වීම...

ජීව විද්‍යාව යනු,
ජීවය පිළිබඳව සිදුකරන විද්‍යාත්මක අධ්‍යනයක් ලෙසට හැඳින්විය හැක. ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව ජීව විද්‍යාව මගින් අධ්‍යයනය කරනු ලැබේ. එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ. නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් සෛලවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි.